‍ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙහි ගිණුම් අංශය ප්‍රධාන අංශ 4 කින් සමන්විත වේ. මුදල් අංශය, ගෙවීම් හා සාරාංශ අංශය, වැටුප් හා අත්තිකාරම් ගිණුම් අංශය හා ප්‍රසම්පාදන අංශය මෙම අංශ හතර වේ. මුදල් අංශය, වාර්ෂික අයවැය ලේඛනය පිළියෙළ කිරීම, අක්මුදල් අවශ්‍යතා ලබා ගැනීම, භාණ්ඩාගාරය සමග අදාල සම්බන්ධීකරණයන් ඉටු කිරීම හා වාර්ෂික විසර්ජන ගිණුම පිළියෙල කිරීමට අදාළ කාර්යයන් ඉටු කරයි. ගෙවීම් හා සාරාංශ අංශය දෙපාර්තමේන්තුවේ සියලු ගෙවීම් කටයුතු සිදු කිරීම, දිස්ත්‍රික් කාර්යාල 25 හි ගෙවීම් කටයුතු අධීක්ෂණය, මාසික ගිණුම් සාරාංශ ඒකාබද්ධ කර භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් කිරීම හා පොදු තැන්පත් ගිණුම්වල කටයුතු සිදු කරයි. වැටුප් හා අත්තිකාරම් ගිණුම් අංශයෙන් ප්‍රධාන කාර්යාලයේ වැටුප් හා අත්තිකාරම් ගෙවීම් හා දිස්ත්‍රික් කාර්යාල 25 ට අදාළ වැටුප් හා අත්තිකාරම් ගෙවීම් කටයුතු අධීක්ෂණය කිරීම හා වාර්තා පවත්වා ගැනීම සිදුකරයි. ප්‍රසම්පාදන අංශය ප්‍රධාන කාර්යාලයේ ප්‍රසම්පාදන හා ගබඩා කටයුතු මෙන්ම දිස්ත්‍රික් කාර්යාල 25 ට අදාළ ප්‍රසම්පාදන හා ගබඩා කටයුතු පාලනය හා අධීක්ෂණ කාර්යයන් ඉටු කරයි.

සේවාවන්

  • වාර්ෂික විසර්ජන පනතින් බලය ලැබූ වියදම් කළමණාකරණය කිරීම සඳහා මුදල් රෙගුලාසි, අණපනත්, චක්‍රලේඛන වලට අනුකූලව ක‍ටයුතු කරමින් දෛනිකව, මාසික හා වාර්ෂික ගිණුම් වාර්තා නිසිපරිදි පවත්වා ගැනීම.
  • වාර්ෂික වියදම් හා ආදායම් ඇස්තමේන්තු සැකසීම.
  • වත්කම් කළමණාකරණය.
  • දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා දිස්ත්‍රික් කාර්යාලවල වැටුප් ණය අත්තිකාරම් , පොදු තැන්පත් ඇතුලු වියදම් මූලධන හා පුනරාවර්තන ගෙවීම් කටයුතු ඉටු කිරීම් හා වියදම් කළමණාකරණය කිරීම.
  • දෙපාර්තමේන්තුවේ හා දිස්ත්‍රික් කාර්යාලවල ප්‍රසම්පාදන කමිටු පත්කිරීම හා ප්‍රසම්පාදන කාර්යයන් ඉටු කිරිම හා අධීක්ෂණය.
  • රජයේ නිළධාරීන්ගේ අත්තිකාරම් බී ගිණුමෙන් ණය ගෙවීම් ඒවා නිසිපරිදි අයකර ගැනීම් හා ඊට අදාළ වාර්තා හා ගිණුම් පවත්වා ගැනීම.
  • දෙපාර්තමේන්තුවෙහි මාසික හා වාර්ෂික ගිණුම් පිළියෙල කිරීම හා නියමිත වෙලාවට අදාළ ආයතන වෙත ඉදිරිපත් කිරීම.
  • දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් කාරක සභාවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම හා ඊට අදාළ කාර්යයන් ඉටු කිරීම.
  • ගොවිජන සංවර්ධන අරමුදලට අදාළව වාර්ෂික අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම, ලැබීම් හා ගෙවීම් කළමණාකරණය කිරීම හා අවසාන ගිණුම් පිළියෙල කිරීම .
  • ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් නමින් ලැබෙන සියළුම විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම.

මාණ්ඩලික නිලධාරීන්

dummy b

සී. එච්. පී. ලියනාරච්චි මයා
ප්‍රධාන ගණකාධිකාරි

+94 112 692 540

නම සහ තනතුර අංශය දුරකතන අංකය
ඩී.ඩී. පෙරේරා මිය
ගණකාධිකාරි
වැටුප් / අත්තිකාරම් +94 112 674 482
කේ. පී. එන්. ඩී. කරුණාසේකර මිය
ගණකාධිකාරි
ප්‍රසම්පාදන +94 112 674 480
බී.පූර්ණා මිය
ගණකාධිකාරි
ගෙවීම් හා සාරාංශ +94 112 681 837