ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භ වන්නේ 1957 ඔක්තොම්බර් මස 01 වන දින ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ලෙසය.

මෙහි ආයතනික සංවර්ධන අංශය (සේවා) දෙපාර්තමේන්තුව තුළ විශාල කාර්ය භාරයක් ඉටුකරන දෙපාර්තමේන්තුවේ හදවත බඳු අංශය වේ.

වර්තමානයේ මෙම අංශයට නායකත්වය දෙන්නේ කොමසාරිස් (සේවා), කේ. පී. රසික හේමජිත් සිල්වා මහතාය. මෙම අංශයේ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාමට වර්තමානයේ සහකාර කොමසාරිස් (සේවා) ඒ. චතුරි කරුණාතිලක මහත්මිය, ආර්.ඒ.සී. ප්‍රසාද් රණතුංග මහතා සහ රංජිත් රාම වික්‍රම මහතා යන තිදෙනා තම කාර්ය භාරය ඉටුකරයි. ඊට අමතරව ප්‍රධාන කළමනාකරණ සහකාර ප්‍රමුඛ 21 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් කටයුතු කරයි.

ගොවි සංවිධාන 15961 ට ආසන්න ප්‍රමාණයක හා විශේෂයෙන් ගොවිජනසේවා මධ්‍යස්ථාන 562 ක හා දිස්ත්‍රික් කාර්යාල 25ක පහත කාර්යයන් මෙම අංශය මගින් ඉටුකරයි. මෙම අංශයේ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා සහ අතිරේක කොමසාරිස් ජනරාල්වරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පවත්වාගෙන යයි.

සේවාවන්

රාජ්‍ය කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේ දී විශාල කාර්ය භාරයක් ඉටුකරන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව එහි ආයතනික සංවර්ධන අංශය මඟින් ගොවිජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාල හරහා ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන මෙහෙයවීම සිදු කරනු ලබයි. ඒ අනුව රජයත් දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර මට්ටමේ ක්‍රියාත්මක ආයතනත් අතර මනා සම්බන්ධීකරණයක් මෙම අංශය මගින් සිදු වේ. 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත ක්‍රියාත්මක කිරීම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යය වන අතර එහි වගන්ති වැඩි ප්‍රමාණයක් සම්බන්ධව අධික්ෂණය හා නියාමනය ද විශේෂ කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කරවීමද, ඒ සම්බන්ධ සියලු තොරතුරු අමාත්‍යාංශ මට්ටම සහ බිම් මට්ටම දක්වා ප්‍රේෂණය කිරිමද, මෙමගින් සිදු වේ. ඒ අනුව සිදුකරනු ලබන සේවාවන් පිළිබඳව පහතින් සවිස්තරාත්මකව දැක්වේ.

  • පනතේ (ii) කොටසේ විධිවිධානයන්හි කෘෂිකාර්මික ප්‍රතිපත්තිවලට අනුකූලව කෘෂිකාර්මික ඉඩම් යෙදවීම.

ඒ අනුව ඉහත පනතේ 22, 23, 24, 25, 26 යන වගන්ති ක්‍රියාත්මක කරවීම සිදු වේ. මෙහිදී වගා නොකරන හෝ කාර්යක්ෂම ලෙස වගා නොකරන කෘෂිකාර්මික ඉඩම් වගා කරවීමට අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගනු ලැබේ. එවැනි ඉඩම් ගොවි සංවිධාන හා වසමේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයා හරහා හදුනාගෙන වගා කිරීම සඳහා ඉඩම් හිමි ගොවියා හෝ බුක්තිකරු දැනුවත් කිරීම, වගා කිරීම සඳහා ඔවුන් උනන්දු කිරීම, තවදුරටත් වගා නොකරන කෘෂිකාර්මික ඉඩම් සම්බන්ධ මූලික විමර්ෂණ වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව පනතේ ඉහත වගන්ති සහ 1585/15 දරන 2009.01.21 දිනැති නියෝග හා 17/2018 දරන 2018.08.01 දිනැති චක්‍රලේඛ උපදෙස් පරිදි හේතු විමසීම් ලිපි, සුපරික්ෂණ නියෝග සහ අහිමිකිරීම් නියෝග පරිදි වගා කරවීමට අදාළ කටයුතු ක්‍රියාත්මක කරවීම.

  • පනතේ 43, 60, 65 වගන්ති පරිදි දිවයින පුරා ගොවි සංවිධාන පිහිටුවීම, දිස්ත්‍රික් බල මණඩල පිහිටුවීම සහ ජාතික බලමණ්ඩලය පිහිටුවා පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය, මූල්‍ය පාලනය, විගණනය හා විසුරුවා හැරීම සම්බන්ධ කටයුතු.
  • පනතේ 51 වගන්තිය පරිදි ගොවිජන සංවර්ධන සභා පිහිටුවීම, පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය, ගිනුම්කටයුතු, විගණනය, පාලනය හා නියාමනය සිදුකිරීම. ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීම, නඩත්තු කිරීම හා ප්‍රියමනාපව පවත්වාගෙන යාම අධික්ෂණය.
  • පනතේ 56 වගන්තිය පරිදි සෑම කෘෂිකාර්මික ඉඩමකින්ම අක්කර බදු පනවා අයකර ගැනීම, ගොවිජන සංවර්ධන අරමුදලට නියමිත ප්‍රතිශතය ලබා ගැනීමෙන් අරමුදල ශක්තිමත් කිරීම.
  • ට්‍රැක්ටර් හා කෘෂි උපකරණ ලබා දීම සම්බන්ධ රජයේ විශේෂ වැඩසටහන් දියත් කිරීම, ලබා දුන් ට්‍රැක්ටර් හා කෘෂි උපකරණ සඳහා වාරික අය කිරීම් පරික්ෂාව, පවරා දීම හා අපහරණ කටයුතු ක්‍රියාවට නැංවීම සහ තොරතුරු පවත්වා ගැනීම අධික්ෂණය.
  • රජයේ විශේෂ කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
    • කාබනික පොහොර නිෂ්පාදන හා ප්‍රවර්ධන වැඩසටහන්
    • ජාතික ආහාර නිෂ්පාදන වර්ෂයේ වැඩසටහන්
    • ගෙවතු වගා වැඩසටහන්
    • කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීම
    • පළතුරු ගම්මාන පිහිටුවීම
    • බිත්තර වී ගොවිපල සංවර්ධන වැඩසටහන්
    • පාරම්පරික දැනුම ගොවින්ට ලබා දීමේ වැඩසටහන් හා පාරම්පරික දැනුම එක්රැස් කිරීම
    • නිසල ගොවිදනට බුහුමන් වැඩසටහන
    • කලින් කලට ක්‍රියාත්මක කෙරෙන වෙනත් වැඩසටහන්
  • රජයේ කෙතට අරුණ පොහොර සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම, වාර්තා තබාගැනීම, ආයතන අතර සම්බන්ධීකරණය හා නියාමනය.
  • වගා හානි වාර්තා කැඳවීම අදාළ ආයතන අතර සම්බන්ධීකරණය, ලැබෙන ප්‍රතිපාදන වන්දි ගෙවීම සඳහා බෙදා හැරීම සහ වගා රක්ෂණ කටයුතු සිදුකිරීම.
  • කෘෂිකාර්මික බෝග වර්තා සහ ඒ ආශ්‍රිත තොරතුරු රැස්කිරීම, කොරකුරු පවත්වාගෙන යාම සහ අවශ්‍ය අවස්ථාවලදී ඉදිරිපත් කිරීම.
  • ගොවිජන සංවර්ධන අරමුදලේ මුදල් මඟින් අනුමත සේවා සැපයුම් ලබා දීම.
  • ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන 562 සඳහා පොදු මුදල් සහ අක්කර බදු කුවිතාන්සි පොත්, මුදල් පොත් මුද්‍රණය කරවීම, ගබඩා කිරීම සහ බෙදා හැරීම සහ පාලනය.
  • මෙම අංශයේ කටයුතු වලට අදාලව යොමුවන අභියාචනා, පැමිණිලි ආදිය පිලිබඳව වාර්තා කැදවීම, නිරික්ෂණ හා නිර්දේශ ලබා ගැනීම හා තීරණ ලබා දීම.
  • සාම්ප්‍රදායික කෘෂිකාර්මික චාරිත්‍ර හා වාරිත්‍ර ඉටුකිරීම පිණිස වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • ගොවිජන සංවර්ධන කාරක සභාවල, ගොවිජන සංවර්ධන සභාවල වාර්ෂික ගිණුම් වාර්තා, කාර්තු වාර්තා නියමිත දිනට ලබා ගැනීමෙන් මූල්‍ය පාලනය හා අධීක්ෂණය සිදුකිරීම.
  • ඉහත කාර්යයන්වලට අදාළව රජයේ විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම, අභ්‍යන්තර විගණනය සඳහා අවශ්‍ය සහය දීම සහ තොරතුරු ලබා දීම.
  • පාර්ලිමේන්තු වාචික ප්‍රශ්න වලට පිළිතුරු සැපයිම සහ ජනපතිට කියන්න වැඩසටහනේ ලිපි සඳහා ක්‍රියාත්මක වීම.
  • ප්‍රදර්ශන හා උපහාර පිළිබඳ කටයුතු හා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන වලින් සිදුකරන විවිධ වැඩසටහන් හා සම්බන්ධ කටයුතු.
  • පනතේ 75 වගන්තිය අනුව ගොවි හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාල කටයුතු.
  • ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන අලෙවිකටයුතු.
  • ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වල මාසික ඒකාබද්ධ වාර්තා පිලියෙල කිරීම. 

මාණ්ඩලික නිලධාරීන්

dummy b කේ.ඒ. සුමිත් චන්දන මහතා
කොමසාරිස් (සේවා) (රා.ආ)

+94 

නම තනතුර දුරකතන අංකය
ජේ.එම්.එම්.ටී.බී.සමරකෝන් මයා සහකාර කොමසාරිස් (සේවා) +94 
කේ.කේ.පී.එස්.රත්නායක මිය සහකාර කොමසාරිස් (සේවා) +94 
ආර්. ඒ. සී. පී. රණතුංග මයා සහකාර කොමසාරිස් (සේවා) +94