මෙම අංශයේ පහත අරමුණු ළඟා කර ගැනීම පිණිස ගොවිජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාලයන් මඟින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතින් සඳහා අනුමැතිය ලබා දීම, අධික්ෂණය කිරීම කරනු ලබයි. ඒ අනුව දිස්ත්‍රික් කාර්යාලයන්හි කටයුතු සම්බන්ධීකරණය කරමින් දෙපාර්තමේන්තුවේ මූල්‍ය සම්පත් කළමනාකරණය කිරීම මෙම අංශයේ වගකීමකි.

සේවාවන්

  • පවත්නා වර්ෂයේ සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන කර්මාන්තයන්ට අදාල සියලු කටයුතු සම්බන්ධීකරණය කිරීම.
  • වාර්ෂික අයවැය ඇස්තමේන්තු මඟින් ප්‍රතිපාදන වෙන්වන මෙම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කරන ගොඩනැගිලි අළුත්වැඩියාවන්, නව ගොඩනැගිලි ඉදිකිරීම්, පෙහොර ගබඩා ඉදිකිරීම්, කර්මාන්තයන්ට අදාල ව ඇස්තමේන්තු ලබා ගැනීම, ප්‍රතිපාදන වෙන් කිරීම, ප්‍රසම්පාදන කටයුතු සඳහා ලේඛන සකස් කිරීම හා ඉදිරිපත් කිරීම ආදි සියලු කටයුතු සිදු කිරීම.
  • දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය වන ඉඩම් අත්පත් කර ගැනීමට අදාල සියලු කටයුතු සහ දෙපාර්තමේන්තුව සතු ඉඩම් සම්බන්ධයෙන් ඉදිරිපත් වන ඉල්ලීම් අනුව අවශ්‍ය කටයුතු සිදුකිරීම.
  • ජාතික අළුත් සහල් මංගල්‍යය පැවැත්වීමට අදාල සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.
  • ගොවිජන සංවර්ධන අරමුදල හා ගොවීන්ගේ භාරකාර අරමුදල යටතේ වාර්ෂිකව සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණයන් සිදු කිරීම හා වෙනත් ආයතන මගින් දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය සම්බන්ධීකරණයන් සිදු කිරිම.
  • අංශය භාරයේ ඇති සියලු යන්ත්‍රෝපකරණ අළුත්වැඩියාවන් සම්බන්ධ කටයුතු කිරීම හා අදාල වැය ශීර්ෂය යටතේ වූ ප්‍රතිපාදන කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කිරීම.
  • සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් යොමු වන මහජන ඉල්ලීම් හා දේශපාලන අධිකාරිය මගින් යොමු වන ඉල්ලීම්, ජනාධිපති කාර්යාලයෙන්, අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් යොමු වන ඉල්ලීම් සම්බන්ධයෙන් දිස්ත්‍රික් සමඟ මනා සම්බන්ධිකරණයක් පවත්වා ගැනීම.

අරමුණු

  • කෘෂිකර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා වාරි කර්මාන්ත වැඩිදියුණු කිරීම තුලින් ජාතික ආර්ථිකය නඟාසිටුවීමට දායක වීම.
  • ගොඩනැගිලි අළුත්වැඩියාවන් හා ඉදිකිරීම් තුලින් නිලධාරීන් සඳහා පහසුකම් වැඩි කිරීම හා එමඟින් ගොවි ජනතාවට වඩා ඵලදායී හා කාර්යක්ෂම සේවාවන් ලබා දීම.
  • මේ සඳහා මෙම අංශය ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයකු යටතේ ක්‍රියාත්මක වන අතර, මුළු කාර්යමණ්ඩලය පහත සඳහන් පරිදි වේ.

අංශය මඟින් බාහිර පුද්ගලයන්ට ලබා දෙන තොරතුරු හා ඒ පිළිබඳ විස්තර

සංවර්ධන ව්‍යාපෘතින් පිළිබඳ බාහිර පාර්ශව වෙතින් යොමුවන ඉල්ලීමක් / ගැටළුවක් ඉදිරිපත් වන අවස්ථාවන්හි දී පිළිතුරු ලබා දීමක් පමණක් සිදුකරනු ලැබේ.

Chaminda Sirසී.ඒකනායක
ගොවිජන සංවර්ධන කොමසාරිස් 
නම තනතුර දුරකතන අංකය
සී.ඒකනායක කොමසාරිස් (සංවර්ධන) +94 777  778 224
ජේ. එච්. කස්තුරිආරච්චි සහකාර කොමසාරිස් (සංවර්ධන) +94 714 427 589