![]() ඩබ්. එම්. ඒ. එස්. වික්‍රමසිංහ මයා
ගොවිජන සංවර්ධන කොමසාරිස් මානව සම්පත් සංවර්ධන අංශය දුරකතන අංකය : 071 731 6388
|
පාලන හා පුහුණු අංශය
පාලන අංශය
පාලන අංශය මඟින් ඉටු කරනු ලබන ප්‍රධානම සේවාව වනුයේ දෙපාර්තමේන්තුවට ලැබෙන සියලුම සාමාන්‍ය ලිපි, ලියාපදිංචි ලිපි හා චෙක්පත් ඒ ඒ අංශ වෙත යොමු කිරීම සහ ඒ ඒ අංශවලින් ලැබෙන සියලුම ලිපි අදාළ ආයතන හා පුද්ගලයින් වෙත යැවීමට කටයුතු කිරීමයි.
- දෙපාර්තමේන්තුවේ ආරක්ෂක හා පවිත්‍රතා කටයුතු පවත්වාගෙන යෑම.
- පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම.
- පාර්ලිමේන්තු වාචික ප්‍රශ්න හා සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය කිරීම.
- අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ක්‍රියාවට නැංවෙන “ ජනපතිට කියන්න ” මහජන දුක් ගැනවිලි සඳහා සහන සැලසීමේ යාන්ත්‍රණයෙහි කටයුතු සම්බන්ධීකරණය කිරීම.
- මහජන පෙත්සම් කාරක සභාව හා සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය කිරීම.
- පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) කාර්යාලය හා ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අදාළ කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු.
- දෙපාර්තමේන්තුවේ සියලුම දුරකථන බිල්පත් , විදුලි බිල්පත්, ජල බිල්පත් පියවීම හා වරිපනම් ගාස්තු ගෙවීම.
- දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධ රාජකාරී.
- දෙපාර්තමේන්තු අභ්‍යන්තර දුරකථන පද්ධතියේ නඩත්තු කටයුතු සිදු කිරීම.
- නිල නිවාස කුලී අය කිරීම.
- දෙපාර්තමේන්තුව වෙත මිල දී ගනු ලබන පුවත්පත් සම්බන්ධ සියලුම රාජකාරි.
- දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් සඳහා දුම්රිය අනුග්‍රහ වාර ප්‍රවේශ පත්‍ර ලබාදීම.
- දුම්රිය බලපත්‍ර ලබා දීම.
- ප්‍රධාන කාර්යාලීය ඍජු දුරකථන පද්ධතිය නඩත්තු කිරීම.
- ගිනි නීවීමේ උපකරණ නඩත්තු කිරීම.
- රජයේ මැතිවරණවලට අදාළ රාජකාරී කටයුතු සිදුකිරීම.
- දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම.
මාණ්ඩලික නිලධාරීන්
- රජයේ නිලධාරීන්ගේ ඇප තැන්පත් නිදහස් කිරීමට අදාළ රාජකාරී කටයුතු සිදුකිරීම.
තනතුර | අයත්වන සේවය / පන්තිය | සිටින නිලධාරීන් සංඛ්‍යාව |
සහකාර කොමසාරිස් | ශ්‍රී ලංකා පරිපාලන සේවය III පන්තිය | 01 |
ප්‍රධාන රාජ්‍ය කළමනාකරණ සහකාර | රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය I පන්තිය | 01 |
ලඝු ලේඛක | I පන්තිය | 01 |
රාජ්‍ය කළමනාකරණ සහකාර | රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය III පන්තිය | 05 |
මධ්‍යස්ථාන කළමනාකරණ සහකාර | මධ්‍යස්ථාන කළමනාකරණ සහකාර සේවය III පන්තිය | 02 |
සංවර්ධන නිලධාරී | සංවර්ධන නිලධාරී සේවය III පන්තිය | 02 |
කාර්යාල කාර්ය සහායක | කාර්යාල කාර්ය සහායක සේවය | 02 |
කම්කරු | කම්කරු සේවය | 02 |
මුරකරු | මුරකරු සේවය | 01 |
පුහුණු අංශය
දෙපාර්තමේන්තුවේ දැක්ම වෙත ළඟා වීම සඳහා නිලධාරීන්ගේ දැනුම කුසලතා වර්ධනය කර ගැනීමට පුහුණු අංශය ක්‍රියාත්මක වේ. එහි දී ලබාගත් පුහුණුව තුළින් නිලධාරින් තම රැකියාව කාර්යක්ෂම හා ඵලදායී අයුරින් ඉටුකර ගැනීම අපේක්ෂා කරයි.
අරමුණු
- දෙපාර්තමෙන්තුවේ ඉහළ ඵලදායීතාවයක් සඳහා නිලධාරීන්ගේ ධාරිතාවය හා හැකියාවන් වර්ධනය කිරීම.
- නිලධාරීන්ට පැවරී ඇති නිශ්චිත කාර්යයන් බුද්ධිමත් ආකාරයට ඉටු කිරීම සඳහා අවශ්‍ය වන දැනුම හා කුසලතාවයන් ලබා දීම.
- නිලධාරින් ආයතනයේ දැක්ම කරා මෙහෙයවීම සඳහා ඔවුනට අවශ්‍ය වන රැකියා වගකීම් හඳුනා ගැනීමටත් ඒ සඳහා වන ස්වයං අවබෝධය සහ වැඩි දැනුවත්භාවය ලබා දීම හා සුභවාදී ආකල්ප ප්‍රවර්ධනය.
- තාක්ෂණික නව්‍යතා පිලිබඳ නිලධාරින් දැනුවත් කිරීම හා එතුළින් ඵලදායිතාවය ඉහළ නැංවීම.
පුහුණු වර්ග
- සේවාරම්භක පුහුණු ලබාදීම
- රැකියාවේ නිරතව සිටිය දී පුහුණුව ලබාදීම
- රැකියාවෙන් පරිභාහිර පුහුණුව
- විදේශ පුහුණු
ආයතන අංශය
මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන සියළුම නිලධාරින්ගේ පෞද්ගලික ලිපිගොනු ආශ්රිත කටයුතු මෙම අංශයෙන් සිදු කරනු ලබන අතර ඔවුන්ගේ වැටුප් පරිවර්තන කටයුතු ආදිය අප අංශයෙන් සිදු කරයි.
තවද අප දෙපාර්තමේන්තුවේ සියළුම නිලධාරින්ගේ ආයතනික කටයුතු හා මානව සම්පත් කටයුතු සිදු කරනු ලබන්නේ ද මෙම අංශයෙන් ය. නිධාරීන් බඳවා ගැනීම, සේවයේ ස්ථිර කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විශ්‍රාම ගැන්වීම වැනි සියළුම කටයුතු මෙම අංශයෙන් සිදු කරනු ලබයි.
- දෙපාර්මේන්තුවේ සියළුම නිලධාරින්ගේ පෞද්ගලික ලිපි ගොනු වලට අදාල කටයුතු පවත්වාගෙන යයි.
- සෑම කාර්තුවකටම වරක් සේවක සංඛ්‍යාව යාවත්කාලීන කර අදාල පාර්ශවයන් වෙතට තොරතුරු ලබා දෙයි.
- දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරින්ගේ පරිවාස කාලය අවසන් වූ වහාම අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර ඇතිනම් එම නිලධාරින් සේවයේ ස්ථිර කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම.
- ඒ ඒ තනතුරුවලට අදාළ බඳවා ගැනීම චක්‍රලේඛ ප්‍රකාරව නියමිත සේවා කාලය හා අනෙකුත් අවශ්‍යතා සපුරන නිලධාරින් නියමිත දින වලට අදාල ශ්‍රේණි වලට උසස් කිරීමට අදාළ කටයුතු සිදු කිරීම.
- දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පවතින තනතුරු සඳහා ඒ ඒ තනතුරට අදාළ බඳවා ගැනීමේ පටිපාටි ප්‍රකාරව බඳවා ගැනීම සිදු කිරීම.
- බඳවාගැනීමේ පටිපාටි වලට අනුකූලව දෙපාර්තමේන්තුගත තනතුරු හා රියදුරු සේවයට අදාළව නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩයිම් විභාග පැවැත්වීම හා ඒවායේ ප්‍රතිඵල නිකුත් කිරීම.
- දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අතිකාල සේවා සඳහා දෙපාර්තමේන්තුවල ප්‍රධානින්ගේ සීමාව තුල අතිකාල අනුමැතිය ලබා දීම සහ ඊට අමතර පැය ගණන් වෙනුවෙන් අනුමැතිය සඳහා අමාත්‍යංශය වෙත යෙමු කිරීම.
- දෙපාර්තමේන්තුවේ නිලධාරින් වැටුප් වර්ධක උපයා ගැනීමට යටත්ව වැටුප් වර්ධක ලබා දීම සහ අදාළ වැටුප් චක්‍රලේඛ අනුව වැටුප් පරිවර්ථනයන් සිදු කිරීම.
- දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරින්, වයස අවුරුදු 55 - 60 අතර කාලය තුල ඔවුන්ගේ ඉල්ලීම පරිදි විශ්‍රාම ගැන්වීම සඳහා අනුමැතිය ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා දීම.
- අනුමත වාර්ෂික ස්ථාන මාරු ක්‍රියා පටිපාටිය අනුව වාර්ෂික ස්ථාන මාරු සහ නිලධාරින්ගේ අවශ්‍යතාවය අනුව සුහද ස්ථාන මාරු ක්‍රම මඟින් නිලධාරින් ස්ථාන මාරු කිරීම.
- දෙපාර්තමේන්තුවේ නිලධාරින් සඳහා දේපල ණය අවශ්‍ය විට අදාල ලිපි ලේඛන සමඟ නිර්දේශ සහිතව අදාළ රාජ්‍ය බැංකු වෙත යොමු කිරීම.
- ප්‍රධාන කාර්යාලයේ රක්ෂණ ප්රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය නිලධාරින්ගේ අදාල ලියකියවිලි හා අයදුම්පත් ද, නව අග්‍රහාර රක්ෂණ යෝජනා ඉල්ලුම් අයදුම්පත් ද, ඉලෙක්ට්‍රොනික් කාඩ්පත ඉල්ලුම් කරන අයදුම්පත් ද අනුමැතිය ලබා ගෙන ජාතික රක්ෂණ භාර ඒකකය වෙත යොමු කිරීම.
- සියළුම දිස්ත්‍රික් මාණ්ඩලික සහ කාර්මික නිලධාරින්ගේ නිවාඩු දින වැටුප් අයදුම්පත් සඳහා අදාළ චක්‍රලේඛ ප්‍රකාරව අනුමැතිය ලබා දීම.
- සියළුම දිස්ත්‍රික් මාණ්ඩලික නිලධාරින්ගේ ඉදිරි වැඩසටහන්, කළ වැඩසටහන් හා ගමන් වියදම් වවුචර්පත් සඳහා අනුමැතිය ලබා දීම.
- නිල ඇඳුම් දීමනා ලබා ගැනීමට හිමිකම් ඇති නිලධාරින්ට නිල ඇඳුම් දීමනා සඳහා අනුමැතිය ලබා දීම.
මාණ්ඩලික නිලධාරීන්
![]() ජේ.ඒ.එස්.එම්.විජේකෝන් මිය
ගොිජන සංවර්ධන සහකාර කොමසාරිස්
ආයතන අංශය දුරකතන අංකය : 0703192881
|
නම | තනතුර | දුරකතන අංකය |
ඩබ්. එම්. ඒ. එස්. වික්‍රමසිංහ මයා | කොමසාරිස් (මානව සම්පත් සංවර්ධන) | +94 71 731 6388 |
ජේ.ඒ.එස්.එම්.විජේකෝන් මිය |
සහකාර කොමසාරිස් (ආයතන) | +94 70 319 2881 |
එන්.එල්.කේ.රේණුකා මිය | පරිපාලන නිලධාරි (ආයතන) | +94 70 586 9852 |
විනය හා විමර්ෂණ අංශය
නිලධරයන් අතින් සිදුවන්නා වූ කවරාකාරයකින් වුව ද දඬුවම් පැමිණවිය හැකි සියලුම විෂමාචාර ක්‍රියාවන් හෝ ප්‍රමාද දෝෂයන් සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ II වන කාණඩයේ XLVIII පරිච්ඡේදයට අනුකූලව විනයානුකූලව කටයුතු කිරීම.
-
නිලධරයෙකුගේ අකාර්යක්ෂමතාව, අදක්ෂතාවය, අනවදානය, අවංකභාවය නැතිකම, අනිසි හැසිරීම, නොසැළකිල්ල, අවිනය හා වංචාව හා දූෂණය වැළැක්වීම සඳහා ආයතන සංග්‍රහයේ II වන කාණඩයේ XLVIII පරිච්ඡේදයට අනුකූලව විනයානුකූලව කටයුතු කිරීම.
අරමුණු
- සොරකම, වංචාව හා දූෂණය වැළැක්වීම.
- කාර්යක්ෂම සේවයක් මහජනයාට ලබාදීම.
- රාජ්‍ය සම්පත් හා මුදල් අයථා පරිහරණය වළක්වාලීම.
- අපේක්ෂිත හැසිරීම සම්බන්ධ නිලධාරීන් පුහුණු කිරීම.
- කාර්යාල පරිශ්‍රයක් තුළ යහපත් විනයගරුක පුද්ගලයන් බිහිකිරීම.
සේවාවන්
- මූලික විමර්ශන සිදු කිරීම.
- චෝදනා පත්‍ර සකස් කිරීම.
- විධිමත් විනය පරීක්ෂණ පැවැත්වීම.
- විනය නියෝග ලබා දීම.
- රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත හා පරිපාලන අභියාචනා අධිකාරිය වෙත යොමු කරන අභියාචනයන් සම්බන්ධයෙන් නිර්දේශ ලබා දීම.
- මහජන පැමිණිලිවලට අදාළව වාර්තා කැඳවීම.
- විගණන වාර්තා වලින් අනාවරණය වන කරුණු වලට අදාළව පරීක්ෂණයන් සිදුකිරීම.
- මු.රේ.104 පරීක්ෂණ පවත්වා මුදල් අයකරගැනීමට කටයුතු කිරීම.
මාණ්ඩලික නිලධාරීන්
![]() ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් විනය හා විමර්ශන අංශය දුරකතන අංකය : 077 309 6086
|
![]() ආර්.පී.පී.එම්.පතිරණ පරිපාලන නිලධාරි
විනය හා විමර්ශන අංශය
දුරකතන අංකය : 070 732 2830
|
ප්‍රවාහන අංශය
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ලාංකේය ගොවි ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා ප්‍රමුඛතම කාර්ය භාර්යක් ඉටු කරනු ලබන දෙපාර්තමේන්තුවකි. ගොවිජන සංවර්ධන පනතට අදාල කටයුතු ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන, පුරන් කුඹුරු අස්වැද්දීම, "සිතමු කාන්තා ගොවි සංවිධාන" මෙහෙයවීමේ කටයුතු, වැව් දහසයි ගම් දහසයි වැඩසටහන, ගෙවතු වගා වැඩසටහන්, කාබනික පොහොර ඒකක පිහිටුවීම හා ව්‍යාප්ත කිරීම, රසායනික පොහොර බෙදා හැරීම, සුළු වාරිමාර්ග සංවර්ධනය, කෘෂි මාර්ග සංවර්ධනය, ගොවීන්ට අවශ්‍ය ද්‍රව්‍ය, උපකරණ හා සේවා සැපයීම ආදිය ඇතුළත් පුළුල් පරාසයක කටයුතු සදහා 18376 ක අනුමත කාර්යය මණ්ඩලයක් මෙහෙයවා ගනිමින් ප්‍රධාන කාර්යාලය, දිස්ත්‍රික් කාර්යාල 25 ක් සහ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන 561 ක රාජකාරී කටයුතු කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම මෙම අංශයේ ප්‍රධාන කාර්යය භාර්ය වේ.
දැනට අංශය භාර මාණ්ඩලික නිලධාරි යාන්ත්‍රික අධිකාරි (ප්‍රවාහන) යටතේ සමස්ථ කාර්ය මණ්ඩලය 33 දෙනෙකුගෙන් සමන්විත වේ.
සේවාවන්
- ප්‍රධාන කාර්යාලයේ හා සියඵම දිස්ත්‍රික් කාර්යාලවල ඇති වාහනවල අලුත්වැඩියාවන් හා නඩත්තු සම්බන්ධ කටයුතු ඉටු කිරීම.
- වාහන අනතුරු සම්බන්ධව මු.රෙ. අනුව නීතිමය කටයුතු කිරීම.
- හානි හා පාඩු ලේඛන පවත්වා ගෙන යෑම.
- විසර්ජන ගිණුම් පිළියෙල කිරීම.
- ධාවන සටහන් ලේඛන පරීක්ෂාව හා විගණනයට ඉදිරිපත් කිරීම.
- විගණන විමසුම් සඳහා පිළිතුරු සැකසීම.
- වාහන රක්ෂණය.
- නිදහස් ආදායම් බලපත්‍ර ලබා ගැනීම.
- වාර්ෂික ක්‍රියාකාරි සැලසුම් සෑදිම.
- ඉන්ධන නිකුත් කිරීම, බිල්පත් පියවීම.
- අලුත්වැඩියාවන්ට සම්බන්ධ ලොග් සටහන් පොත් පවත්වාගෙන යෑම.
- නව වාහන ලබා ගැනීම සදහා කටයුතු කිරීම.
- රියදුරු / රිය සහයකයන්ගේ නිවාඩු සැකසීම හා අතිකාල ගමන් වියදම්පත් පරික්ෂාව.
- නිලධාරීන්ට වෙන්කල වාහන සඳහා මාසික ඉන්ධන ගාස්තු ගෙවීමට වවුචර් පිළියෙල කිරීම.
- නිල වාහන සදහා ලබා ගන්නා අතිරේක ඉන්ධන වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කිරීම.
- ඉන්ධන අත්තිකාරම් ගෙවීම හා පියවීම ඉටුකිරීම.
- පැරණි රථ අපහරණය කර විකිණීම.
- ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්තුමා විසින් පවරණු ලබන අනෙකුත් කාර්යයන් සිදු කිරීම.
මාණ්ඩලික නිලධාරීන්
නම | තනතුර | දුරකතන අංකය |
පී. ඒ. ආනන්ද වීරවංශ | යාන්ත්‍රික අධිකාරි (ප්‍රවාහන) | +94 776 613 002 |