2014 වර්ෂයේ සිට මෙහෙයුම් හා ඇගයුම් අංශය විධිමත් ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු තුල ස්ථාපිත කරන ලදී. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු මඟින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂිකාර්මික සංවර්ධනයට අදාල සම්පත් කළමනාකරණය, සැලසුම් සකස් කිරීම හා සියලු සංවර්ධන වැඩසටහන් හා අනෙකුත් කෘෂිකාර්මික වැඩසටහන් මෙහෙයවීම හා ඇගයීමත්, ප්‍රගතිය සමාලෝචනය කිරීම තුලින් දෙපාර්තමේන්තුවේ දිශානතිය පිළිබඳ තොරතුරු වාර්තා කිරීම මෙම අංශයේ ප්‍රධාන කාර්ය භාරය වේ.

සේවාවන්

  • දෙපාර්තමේන්තු ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම
    • අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුව මඟින් හා වෙනත් ලැබෙන ප්‍රතිපාදන මත සිදුකරන වැඩසටහන් සඳහා ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීම.
    • ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාපෘති විස්තර ලබාගැනීම.
    • ඒවා ප්‍රමුඛතා ගත කිරීම.
    • ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා ගැනීම.
    • ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීම.
    • අමාත්‍යාංශ ලේකම් වෙතින් අනුමත කරවා ගැනීම.
  • ප්‍රගති වාර්තා සකස් කර ඉදිරිපත් කිරීම
    කෘෂිකර්ම අමාත්‍යාංශය හා ප්‍රගති වාර්තා ඉදිරිපත් කලයුතු අනෙකුත් ආයතන වෙත නියමිත ආකෘති අනුව මාසික හා කාර්තුමය වාර්තා ඉදිරිපත් කිරීම.
    • අදාල දිස්ත්‍රික් වලින් ප්‍රගති වාර්තා ගෙන්වා ගැනීම.
    • ප්‍රගති වාර්තා සකස් කිරීම.
    • තොරතුරු විශ්ලේෂණය කර ඉදිරිපත් කිරීම.
  • දෙපාර්තමේන්තුව සතු දත්ත හා තොරතුරු සකස් කිරීම හා සන්නිවේදනය (සම්පත් පැතිකඩ)
    • දෙපාර්තමේන්තුවට අදාල සංඛ්‍යානමය දත්ත රැස් කිරීම.
    • දත්ත සකස් කිරීම.
    • යාවත්කාලීන කිරීම හා ප්‍රකාශයට පත්කිරීම. (සම්පත් පැතිකඩ සැකසීම හා මුද්‍රණය කර ප්‍රකාශයට පත් කිරීම)
  • සියළුම ප්‍රගති සමාලෝචන රැස්වීම් හා මාණ්ඩලික නිළධාරී රැස්වීම් කැඳවීම හා සම්න්ධීකරණය කිරීම
    • රැස්වීම් කැඳවීම, මෙහෙයවීම, රැස්වීම් වාර්තා සකස් කිරීම හා අදාල පාර්ශවයන්ට වාර්තා කිරීම.

අමතර සේවාවන්

  • වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම හා අමාත්‍යංශයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම.
  • දෙපාර්තමේන්තුවේ ආංශික කාර්ය භාරය සහ විෂය පථය සකස් කිරීම.
  • සියළුම ප්‍රගති වාර්තා සකස් කිරීම හා අමාත්‍යාංශ හා අදාල ආයතන වෙත වාර්තා කිරීම - සංවර්ධන වැඩසටහන් / විශේෂ ව්‍යාපෘති/විදේශාධාර ව්‍යාපෘති
  • කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රධාන වෙනත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් ආයතන මඟින් කලින් කලට ඉල්ලා සිටින තොරතුරු සකස් කර යැවිම.
  • ONUR ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.
  • කාර්ය මණ්ඩල රැස්වීම හා වාර්තා පිළියෙල කිරීම.
  • නියෝජ්‍ය / සහකාර කොමසාරිස්වරුන්ගේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම් සංවිධානය හා මෙහෙයවීම.
  • සම්පත් පැතිකඩ දත්ත තොරතුරු ලේඛනය සකස් කිරීම හා යාවත්කාලීන කර පවත්වා ගැනීම.
  • විගණන විමසුම් සඳහා පිළිතුරු හා විගණනයට අවශ්‍ය තොරතුරු සැපයීම.
  • දෙපාර්තමේන්තු දුරකථන නාමාවලිය සකස් කිරීම හා යාවත්කාලීන කර පවත්වා ගැනීම.
  • අමාත්‍යාංශ කාර්ය සාධන වාර්තාව සඳහා තොරතුරු ලබා දීම.
  • ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්තුමා විසින් පවරනු ලබන අනෙකුත් කාර්යයන් සිදු කිරීම.

dummy g

එල්. බී. බුද්ධිකා මිය
නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්)

+94 741 199 220
නම තනතුර දුරකතන අංක
කේ. එච්. සී. සී. කුමාරසිංහ මයා ප්‍රධාන කළමණාකරණ සේවා නිලධාරි +94

2014 වර්ෂයේ සිට මෙහෙයුම් හා ඇගයුම් අංශය විධිමත් ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තුල ස්ථාපිත කරන ලදී. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂිකාර්මික සංවර්ධනයට අදාල සම්පත් කළමනාකරණය, සැලසුම් සකස් කිරීම හා සියලු සංවර්ධන වැඩසටහන් හා අනෙකුත් කෘෂිකාර්මික වැඩසටහන් මෙහෙයවීම හා ඇගයීමත්, ප්‍රගතිය සමාලෝචනය කිරීම තුලින් දෙපාර්තමේන්තුවේ දිශානතිය පිළිබඳ තොරතුරු වාර්තා කිරීම මෙම අංශයේ ප්‍රධාන කාර්ය භාරය වේ.

සේවාවන්

  • දෙපාර්තමේන්තු ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම
    • අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුව මඟින් හා වෙනත් ලැබෙන ප්‍රතිපාදන මත සිදුකරන වැඩසටහන් සඳහා ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීම.
    • ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාපෘති විස්තර ලබාගැනීම.
    • ඒවා ප්‍රමුඛතා ගත කිරීම.
    • ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා ගැනීම.
    • ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීම.
    • අමාත්‍යාංශ ලේකම් වෙතින් අනුමත කරවා ගැනීම.
  • ප්‍රගති වාර්තා සකස් කර ඉදිරිපත් කිරීම
    කෘෂිකර්ම අමාත්‍යාංශය හා ප්‍රගති වාර්තා ඉදිරිපත් කලයුතු අනෙකුත් ආයතන වෙත නියමිත ආකෘති අනුව මාසික හා කාර්තුමය වාර්තා ඉදිරිපත් කිරීම.
    • අදාල දිස්ත්‍රික් වලින් ප්‍රගති වාර්තා ගෙන්වා ගැනීම.
    • ප්‍රගති වාර්තා සකස් කිරීම.
    • තොරතුරු විශ්ලේෂණය කර ඉදිරිපත් කිරීම.
  • දෙපාර්තමේන්තුව සතු දත්ත හා තොරතුරු සකස් කිරීම හා සන්නිවේදනය (සම්පත් පැතිකඩ)
    • දෙපාර්තමේන්තුවට අදාල සංඛ්‍යානමය දත්ත රැස් කිරීම.
    • දත්ත සකස් කිරීම.
    • යාවත්කාලීන කිරීම හා ප්‍රකාශයට පත්කිරීම. (සම්පත් පැතිකඩ සැකසීම හා මුද්‍රණය කර ප්‍රකාශයට පත් කිරීම)
  • සියළුම ප්‍රගති සමාලෝචන රැස්වීම් හා මාණ්ඩලික නිළධාරී රැස්වීම් කැඳවීම හා සම්න්ධීකරණය කිරීම
    • රැස්වීම් කැඳවීම, මෙහෙයවීම, රැස්වීම් වාර්තා සකස් කිරීම හා අදාල පාර්ශවයන්ට වාර්තා කිරීම.

අමතර සේවාවන්

  • වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම හා අමාත්‍යංශයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම.
  • දෙපාර්තමේන්තුවේ ආංශික කාර්ය භාරය සහ විෂය පථය සකස් කිරීම.
  • සියළුම ප්‍රගති වාර්තා සකස් කිරීම හා අමාත්‍යාංශ හා අදාල ආයතන වෙත වාර්තා කිරීම - සංවර්ධන වැඩසටහන් / විශේෂ ව්‍යාපෘති/විදේශාධාර ව්‍යාපෘති
  • කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රධාන වෙනත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් ආයතන මඟින් කලින් කලට ඉල්ලා සිටින තොරතුරු සකස් කර යැවිම.
  • ONUR ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.
  • කාර්ය මණ්ඩල රැස්වීම හා වාර්තා පිළියෙල කිරීම.
  • නියෝජ්‍ය / සහකාර කොමසාරිස්වරුන්ගේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම් සංවිධානය හා මෙහෙයවීම.
  • සම්පත් පැතිකඩ දත්ත තොරතුරු ලේඛනය සකස් කිරීම හා යාවත්කාලීන කර පවත්වා ගැනීම.
  • විගණන විමසුම් සඳහා පිළිතුරු හා විගණනයට අවශ්‍ය තොරතුරු සැපයීම.
  • දෙපාර්තමේන්තු දුරකථන නාමාවලිය සකස් කිරීම හා යාවත්කාලීන කර පවත්වා ගැනීම.
  • අමාත්‍යාංශ කාර්ය සාධන වාර්තාව සඳහා තොරතුරු ලබා දීම.
  • ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්තුමා විසින් පවරනු ලබන අනෙකුත් කාර්යයන් සිදු කිරීම.

dummy g

එල්. බී. බුද්ධිකා
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

+94 704 419 915
+94 766 651 935

“ශ්‍රී ලාංකීය ගොවිජන සමාජයේ සහ සියලු කෘෂිකාර්මික ඉඩම්වල තිරසාර සංවර්ධනය” යන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දැක්ම ළගා කරගනු පිණිස කෘෂි ඉඩම් කළමනාකරණ අංශයට පැවරී ඇත්තේ විශේෂ කාර්යයභාරයක් වන අතර ඒ සඳහා 2011 අංක 46 දරණ ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනතේ 28, 30(3), 32(1), 33 (1) සහ 34(1) වගන්ති ක්‍රියාවට නැංවීම මෙම අංශය මගින් ඉටු කරනු ලැබේ.

කුඹුරු ඉඩමක් වෙනත් කාර්යයක් සඳහා යෙදවීමට අවසර ලබා දීම, කුඹුරු ඉඩමක් නොවන කෘෂිකාර්මික ගොඩ ඉඩමක් බවට ප්‍රකාශයට පත් කිරීම, කෘෂිකාර්මික නොවන ගොඩ ඉඩමක් බවට ප්‍රකාශ කිරීම, කුඹුරු ඉඩම් නාමලේඛණයේ සටහන්ව ඇති කුඹුරු ඉඩමක් ඉන් ඉවත් කර කෘෂිකාර්මික ගොඩ ඉඩම් නාමලේඛණයට ඇතුලත් කිරීම, කුඹුරු ඉඩම් නාමලේඛණයේ සටහන්ව ඇති කුඹුරු ඉඩමක් ඉන් ඉවත් කිරීම පමණක් සිදු කිරීම, කුඹුරු ඉඩම් නාමලේඛණයේ සටහන්ව ඇති පරිසර වශයෙන් සංවේදී කලාපයක පිහිටා ඇති කුඹුරු ඉඩම් ආරක්ෂා කර ගැනීම සඳහා අදාල රාජ්‍ය ආයතන වෙත පැවරීම සහ කුඹුරු ඉඩම්වල ඇති ඛණිජ සම්පත් කැණීම් කටයුතු සඳහා අවසර ලබා දීමේ කාර්යයන් කෘෂි ඉඩම් කළමනාකරණ අංශයේ ප්‍රධාන කාර්යයන් වේ.

එමෙන්ම පුරන් කුඹුරුවල බහු වාර්ෂික නොවන බෝග අදාළ වගා කන්නය තුල පමණක් වගා කිරීම, බහුවාර්ෂික නොවන බෝග උපරීම එක ළඟ වසර 3ක කාලයක් තුල වගා කිරීම, බහුවාර්ෂික නොවන බෝග අඛණ්ඩව වගා කිරීම සඳහා හෝ කෘෂිකාර්මික වගාවන් හැර වෙනත් කෘෂිකාර්මික කාර්යයක් සඳහා යොදා ගැනීම සහ බහු වාර්ෂික (ස්ථිර) බෝග වගා කිරීම හෝ වන වගා සිදු කිරීම යන කාර්යයන් සඳහා අවසර ලබා දීමේ කටයුතු අධීක්ෂණය ද මෙම අංශය මගින් සිදු කරනු ලැබේ.

Migara sirජේ.එම්.එම්.ටී.බී. සමරකෝන් මයා
ගො. සං. සහකාර කොමසාරිස්
නිලධාරියාගේ නම තනතුර
ජේ.එම්.එම්.ටී.බී. සමරකෝන් මයා සහකාර කොමසාරිස්

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භ වන්නේ 1957 ඔක්තොම්බර් මස 01 වන දින ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ලෙසය.

මෙහි ආයතනික සංවර්ධන අංශය (සේවා) දෙපාර්තමේන්තුව තුළ විශාල කාර්ය භාරයක් ඉටුකරන දෙපාර්තමේන්තුවේ හදවත බඳු අංශය වේ.

වර්තමානයේ මෙම අංශයට නායකත්වය දෙන්නේ කොමසාරිස් (සේවා), කේ. පී. රසික හේමජිත් සිල්වා මහතාය. මෙම අංශයේ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාමට වර්තමානයේ සහකාර කොමසාරිස් (සේවා) ඒ. චතුරි කරුණාතිලක මහත්මිය, ආර්.ඒ.සී. ප්‍රසාද් රණතුංග මහතා සහ රංජිත් රාම වික්‍රම මහතා යන තිදෙනා තම කාර්ය භාරය ඉටුකරයි. ඊට අමතරව ප්‍රධාන කළමනාකරණ සහකාර ප්‍රමුඛ 21 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් කටයුතු කරයි.

ගොවි සංවිධාන 15961 ට ආසන්න ප්‍රමාණයක හා විශේෂයෙන් ගොවිජනසේවා මධ්‍යස්ථාන 562 ක හා දිස්ත්‍රික් කාර්යාල 25ක පහත කාර්යයන් මෙම අංශය මගින් ඉටුකරයි. මෙම අංශයේ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා සහ අතිරේක කොමසාරිස් ජනරාල්වරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පවත්වාගෙන යයි.

සේවාවන්

රාජ්‍ය කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේ දී විශාල කාර්ය භාරයක් ඉටුකරන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව එහි ආයතනික සංවර්ධන අංශය මඟින් ගොවිජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාල හරහා ගොවිජන සේවා මධ්‍යස්ථාන මෙහෙයවීම සිදු කරනු ලබයි. ඒ අනුව රජයත් දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර මට්ටමේ ක්‍රියාත්මක ආයතනත් අතර මනා සම්බන්ධීකරණයක් මෙම අංශය මගින් සිදු වේ. 2011 අංක 46 දරන ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත ක්‍රියාත්මක කිරීම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යය වන අතර එහි වගන්ති වැඩි ප්‍රමාණයක් සම්බන්ධව අධික්ෂණය හා නියාමනය ද විශේෂ කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කරවීමද, ඒ සම්බන්ධ සියලු තොරතුරු අමාත්‍යාංශ මට්ටම සහ බිම් මට්ටම දක්වා ප්‍රේෂණය කිරිමද, මෙමගින් සිදු වේ. ඒ අනුව සිදුකරනු ලබන සේවාවන් පිළිබඳව පහතින් සවිස්තරාත්මකව දැක්වේ.

  • පනතේ (ii) කොටසේ විධිවිධානයන්හි කෘෂිකාර්මික ප්‍රතිපත්තිවලට අනුකූලව කෘෂිකාර්මික ඉඩම් යෙදවීම.

ඒ අනුව ඉහත පනතේ 22, 23, 24, 25, 26 යන වගන්ති ක්‍රියාත්මක කරවීම සිදු වේ. මෙහිදී වගා නොකරන හෝ කාර්යක්ෂම ලෙස වගා නොකරන කෘෂිකාර්මික ඉඩම් වගා කරවීමට අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගනු ලැබේ. එවැනි ඉඩම් ගොවි සංවිධාන හා වසමේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයා හරහා හදුනාගෙන වගා කිරීම සඳහා ඉඩම් හිමි ගොවියා හෝ බුක්තිකරු දැනුවත් කිරීම, වගා කිරීම සඳහා ඔවුන් උනන්දු කිරීම, තවදුරටත් වගා නොකරන කෘෂිකාර්මික ඉඩම් සම්බන්ධ මූලික විමර්ෂණ වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව පනතේ ඉහත වගන්ති සහ 1585/15 දරන 2009.01.21 දිනැති නියෝග හා 17/2018 දරන 2018.08.01 දිනැති චක්‍රලේඛ උපදෙස් පරිදි හේතු විමසීම් ලිපි, සුපරික්ෂණ නියෝග සහ අහිමිකිරීම් නියෝග පරිදි වගා කරවීමට අදාළ කටයුතු ක්‍රියාත්මක කරවීම.

  • පනතේ 43, 60, 65 වගන්ති පරිදි දිවයින පුරා ගොවි සංවිධාන පිහිටුවීම, දිස්ත්‍රික් බල මණඩල පිහිටුවීම සහ ජාතික බලමණ්ඩලය පිහිටුවා පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය, මූල්‍ය පාලනය, විගණනය හා විසුරුවා හැරීම සම්බන්ධ කටයුතු.
  • පනතේ 51 වගන්තිය පරිදි ගොවිජන සංවර්ධන සභා පිහිටුවීම, පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය, ගිනුම්කටයුතු, විගණනය, පාලනය හා නියාමනය සිදුකිරීම. ගොවිජන සේවා මධ්‍යස්ථාන පිහිටුවීම, නඩත්තු කිරීම හා ප්‍රියමනාපව පවත්වාගෙන යාම අධික්ෂණය.
  • පනතේ 56 වගන්තිය පරිදි සෑම කෘෂිකාර්මික ඉඩමකින්ම අක්කර බදු පනවා අයකර ගැනීම, ගොවිජන සංවර්ධන අරමුදලට නියමිත ප්‍රතිශතය ලබා ගැනීමෙන් අරමුදල ශක්තිමත් කිරීම.
  • ට්‍රැක්ටර් හා කෘෂි උපකරණ ලබා දීම සම්බන්ධ රජයේ විශේෂ වැඩසටහන් දියත් කිරීම, ලබා දුන් ට්‍රැක්ටර් හා කෘෂි උපකරණ සඳහා වාරික අය කිරීම් පරික්ෂාව, පවරා දීම හා අපහරණ කටයුතු ක්‍රියාවට නැංවීම සහ තොරතුරු පවත්වා ගැනීම අධික්ෂණය.
  • රජයේ විශේෂ කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
    • කාබනික පොහොර නිෂ්පාදන හා ප්‍රවර්ධන වැඩසටහන්
    • ජාතික ආහාර නිෂ්පාදන වර්ෂයේ වැඩසටහන්
    • ගෙවතු වගා වැඩසටහන්
    • කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීම
    • පළතුරු ගම්මාන පිහිටුවීම
    • බිත්තර වී ගොවිපල සංවර්ධන වැඩසටහන්
    • පාරම්පරික දැනුම ගොවින්ට ලබා දීමේ වැඩසටහන් හා පාරම්පරික දැනුම එක්රැස් කිරීම
    • නිසල ගොවිදනට බුහුමන් වැඩසටහන
    • කලින් කලට ක්‍රියාත්මක කෙරෙන වෙනත් වැඩසටහන්
  • රජයේ කෙතට අරුණ පොහොර සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම, වාර්තා තබාගැනීම, ආයතන අතර සම්බන්ධීකරණය හා නියාමනය.
  • වගා හානි වාර්තා කැඳවීම අදාළ ආයතන අතර සම්බන්ධීකරණය, ලැබෙන ප්‍රතිපාදන වන්දි ගෙවීම සඳහා බෙදා හැරීම සහ වගා රක්ෂණ කටයුතු සිදුකිරීම.
  • කෘෂිකාර්මික බෝග වර්තා සහ ඒ ආශ්‍රිත තොරතුරු රැස්කිරීම, කොරකුරු පවත්වාගෙන යාම සහ අවශ්‍ය අවස්ථාවලදී ඉදිරිපත් කිරීම.
  • ගොවිජන සංවර්ධන අරමුදලේ මුදල් මඟින් අනුමත සේවා සැපයුම් ලබා දීම.
  • ගොවිජන සේවා මධ්‍යස්ථාන 562 සඳහා පොදු මුදල් සහ අක්කර බදු කුවිතාන්සි පොත්, මුදල් පොත් මුද්‍රණය කරවීම, ගබඩා කිරීම සහ බෙදා හැරීම සහ පාලනය.
  • මෙම අංශයේ කටයුතු වලට අදාලව යොමුවන අභියාචනා, පැමිණිලි ආදිය පිලිබඳව වාර්තා කැදවීම, නිරික්ෂණ හා නිර්දේශ ලබා ගැනීම හා තීරණ ලබා දීම.
  • සාම්ප්‍රදායික කෘෂිකාර්මික චාරිත්‍ර හා වාරිත්‍ර ඉටුකිරීම පිණිස වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • ගොවිජන සේවා කාරක සභාවල, ගොවිජන සංවර්ධන සභාවල වාර්ෂික ගිණුම් වාර්තා, කාර්තු වාර්තා නියමිත දිනට ලබා ගැනීමෙන් මූල්‍ය පාලනය හා අධීක්ෂණය සිදුකිරීම.
  • ඉහත කාර්යයන්වලට අදාළව රජයේ විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම, අභ්‍යන්තර විගණනය සඳහා අවශ්‍ය සහය දීම සහ තොරතුරු ලබා දීම.
  • පාර්ලිමේන්තු වාචික ප්‍රශ්න වලට පිළිතුරු සැපයිම සහ ජනපතිට කියන්න වැඩසටහනේ ලිපි සඳහා ක්‍රියාත්මක වීම.
  • ප්‍රදර්ශන හා උපහාර පිළිබඳ කටයුතු හා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන වලින් සිදුකරන විවිධ වැඩසටහන් හා සම්බන්ධ කටයුතු.
  • පනතේ 75 වගන්තිය අනුව ගොවි හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාල කටයුතු.
  • ගොවිජන සේවා මධ්‍යස්ථාන අලෙවිකටයුතු.
  • ගොවිජන සේවා මධ්‍යස්ථාන වල මාසික ඒකාබද්ධ වාර්තා පිලියෙල කිරීම. 

මාණ්ඩලික නිලධාරීන්

dummy bකේ. පි. රසික හේමජිත් සිල්වා
කොමසාරිස් (සේවා)

+94 714 429 833

නම තනතුර දුරකතන අංකය
ඒ. චතුරි කරුණාතිලක මිය සහකාර කොමසාරිස් (සේවා) +94 715 335 367
ආර්. ඒ. සී. ප්‍රසාද් රණතුංග මයා සහකාර කොමසාරිස් (සේවා) +94 779 962 751
රංජිත් රාමවික්‍රම මයා සහකාර කොමසාරිස් (සේවා) +94 715 285 073
දීපානි අමරසේකර ගොවිජන සංවර්ධන නිලධාරි +94 714 476 836
පී. ඩී. ඒ. පී. කිත්සිරි සංවර්ධන නිලධාරි +94 717 199 447
ඩී. එම්. ඉෂංකා නයෝමි දිසානායක සංවර්ධන නිලධාරි +94 715 431 527
තිවංකා ගීතමාලි සංවර්ධන නිලධාරි +94 702 588 776
එස්. වයි. ජී. එස්. සඳුනි වීරසිංහ රාජ්‍ය කලමනාකරණ සහකාර +94 713 311 730
එච්. එම්. පී. ප්‍රියදර්ශනී රාජ්‍ය කලමනාකරණ සහකාර +94 785 165 929
එච්. එල්. ජයනි අප්සරා මධ්‍යස්ථාන කළමනාකරණ සහකාර +94 714 030 579
එල්. එල්. ටී. ඩී. ලියනගේ මධ්‍යස්ථාන කළමනාකරණ සහකාර +94 785 154 467
ආර්. කේ. ඩී. කේ. ප්‍රියන්ත රාජ්‍ය කලමනාකරණ සහකාර +94 716 624 840
ඉනෝකා ගනේගොඩ රාජ්‍ය කලමනාකරණ සහකාර +94 716 300 565
එස්. ඒ. ඩී. එම්. කරුණාරත්න රාජ්‍ය කලමනාකරණ සහකාර +94 712 774 393
චානිකා කල්දේරා මධ්‍යස්ථාන කළමනාකරණ සහකාර +94 775 726 601
ජේ. ඩී. ඒ. පී. එස්. කේ. ජම්බුගහවත්ත රාජ්‍ය කලමනාකරණ සහකාර +94 775 947 177
එච්. යු. ෂමුදිකා සංවර්ධන නිලධාරි +94 773 265 943
ඩී. එම්. එස්. අයි. බණ්ඩාර සංවර්ධන නිලධාරි +94 716 863 847
එස්. ඊ. එස්. ඒ. එම්. එස්. සුරවීර සංවර්ධන නිලධාරි +94 784 756 720
ජී. ටී. කේ. ආර්. ජේ. සුමනරත්න සංවර්ධන නිලධාරි +94 718 029 036
කේ. පි. නවින්ද්‍රා හංසනී කාරියවසම් සංවර්ධන නිලධාරි +94 771 647 878
එම්. චමිලා විජේසිරි මුතුගල සංවර්ධන නිලධාරි +94 717 326 926
අයේෂ් චතුරංග ජයවර්ධන කාර්යාල කාරය සහයක +94 710 153 230
ඩී. එල්. වික්ටර් කාර්යාල කාරය සහයක  

මු.රෙ. 133, 134 ප්‍රකාරව සහ 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 38 (ඇ) හා 40 (1) උපවගන්ති අනුව මෙම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශයක් ක්‍රියාත්මක වන අතර ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්තුමා වෙත සෘජුවම වගකිවයුතු ආකාරයට එය ස්ථාපිත කර ඇත.

අභ්‍යන්තර විගණන අංශයේ විෂය පථයට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් කාර්යාල, ගොවිජන කාරක සභා, ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘති, ගොවිසංවිධාන, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් වරයා විසින් පවරනු ලබන විශේෂ විමර්ශන හා ගොවිජන සංවර්ධන අරමුදල ආදිය ඇතුලත්වේ.

සේවාවන්

වාර්ෂිකව සකස් කරනු ලබන විගණන සැලැස්මකට අනුව මාසිකව සකස් කරනු ලබන විගණන වැඩ සටහන් සහ කොමසාරිස් ජනරාල්වරයා ලබා දෙන අනුමැතිය මත ඉහත විෂය පථය ආවරණය වන පරිදි පවතින කාර්ය මණ්ඩලය උපරිම කාර්යක්ෂම ලෙස යොදා ගනිමින් අභ්‍යන්තර විගණන කටයුතු සිදුකිරීම.

Jayarathne madam

ඩී.පී.එම්.පී. ජයරත්න මිය
ප්‍රධාන අභ්‍යන්තර විගණක

+94 718 186 998
+94 112 681 005