දැක්ම

‘‘ශ්‍රී ලාංකීය ගොවිජන සමාජයේ හා සියළු කෘෂිකාර්මික ඉඩම්වල තිරසාර සංවර්ධනය”

මෙහෙවර

“ශ්‍රී ලාංකීය ගොවිජන සමාජයේ තිරසාර සංවර්ධනය සහ සියළුම කෘෂිකාර්මික ඉඩම් වලින් ප්‍රශස්ථ ඵලදායිතාව ලබාගත හැකිවන පරිදි වන ආයතනික, සහායක, නෛතික හා කළමනාකරණ සේවාවන් සැකසීම හා කාලානුරූපව පවත්වාගෙන යෑම”

ඉතිහාසය

ශ්‍රී ලාංකීය ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් 1957 ඔක්තෝබර් 01 වන දින ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද්දේ එතෙක් පැවති ආහාර දෙපාර්තමේන්තුව අහෝසි කරමිනි. 1958 අංක 01 දරණ කුඹුරු ඉඩම් පනතින් බල ගන්වන ලද මෙම දෙපාර්තමේන්තුව මේ වන විට 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනත හා එහි සංශෝධනයන් අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් ක්‍රියාත්මක වේ.

1953 අංක 01 කුඹුරු පනත (ක්‍රියාත්මක නොවීය)
1958 අංක 01 කුඹුරු පනත (සහතිකය සටහන් කල දිනය 1958.02.01)
කුඹුරු පනතට අදාල සංශෝධන     1958 අංක 30
1961 අංක 61
1964 අංක 11
1966 අංක 25
1970 අංක 30 දරන විශේෂ විධි විධාන පනත
1972 අංක 02 කෘෂිකාර්මික ඵලදාවර්ධන පනත සහතිකය සටහන් කලේ 1972 සැප්. 21
1973 අංක 42 කෘෂිකාර්මික ඉඩම් පනත සහතිකය සටහන් කලේ 1973 ඔක්.17
1979 අංක 58 දරණ ගොවිජන සංවර්ධන පනත සහතිකය සටහන් කලේ 1979 ඔක්.25
1991 අංක 4 ගොවිජන සංවර්ධන පනත සංශෝධන සහතිකය සටහන් කලේ 1991 පෙබ. 02
2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනත සහතිකය සටහන් කලේ2000 අගෝ.18
2011 අංක 46 දරණ ගොවිජන සංවර්ධන (සංශෝධිත) සහතිකය සටහන් කලේ පනතින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවිජන 2011 නොවැ.22 සේවා පනත