2014 වර්ෂයේ සිට මෙහෙයුම් හා ඇගයුම් අංශය විධිමත් ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු තුල ස්ථාපිත කරන ලදී. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු මඟින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂිකාර්මික සංවර්ධනයට අදාල සම්පත් කළමනාකරණය, සැලසුම් සකස් කිරීම හා සියලු සංවර්ධන වැඩසටහන් හා අනෙකුත් කෘෂිකාර්මික වැඩසටහන් මෙහෙයවීම හා ඇගයීමත්, ප්‍රගතිය සමාලෝචනය කිරීම තුලින් දෙපාර්තමේන්තුවේ දිශානතිය පිළිබඳ තොරතුරු වාර්තා කිරීම මෙම අංශයේ ප්‍රධාන කාර්ය භාරය වේ.

සේවාවන්

  • දෙපාර්තමේන්තු ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම
    • අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුව මඟින් හා වෙනත් ලැබෙන ප්‍රතිපාදන මත සිදුකරන වැඩසටහන් සඳහා ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීම.
    • ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාපෘති විස්තර ලබාගැනීම.
    • ඒවා ප්‍රමුඛතා ගත කිරීම.
    • ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා ගැනීම.
    • ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීම.
    • අමාත්‍යාංශ ලේකම් වෙතින් අනුමත කරවා ගැනීම.
  • ප්‍රගති වාර්තා සකස් කර ඉදිරිපත් කිරීම
    කෘෂිකර්ම අමාත්‍යාංශය හා ප්‍රගති වාර්තා ඉදිරිපත් කලයුතු අනෙකුත් ආයතන වෙත නියමිත ආකෘති අනුව මාසික හා කාර්තුමය වාර්තා ඉදිරිපත් කිරීම.
    • අදාල දිස්ත්‍රික් වලින් ප්‍රගති වාර්තා ගෙන්වා ගැනීම.
    • ප්‍රගති වාර්තා සකස් කිරීම.
    • තොරතුරු විශ්ලේෂණය කර ඉදිරිපත් කිරීම.
  • දෙපාර්තමේන්තුව සතු දත්ත හා තොරතුරු සකස් කිරීම හා සන්නිවේදනය (සම්පත් පැතිකඩ)
    • දෙපාර්තමේන්තුවට අදාල සංඛ්‍යානමය දත්ත රැස් කිරීම.
    • දත්ත සකස් කිරීම.
    • යාවත්කාලීන කිරීම හා ප්‍රකාශයට පත්කිරීම. (සම්පත් පැතිකඩ සැකසීම හා මුද්‍රණය කර ප්‍රකාශයට පත් කිරීම)
  • සියළුම ප්‍රගති සමාලෝචන රැස්වීම් හා මාණ්ඩලික නිළධාරී රැස්වීම් කැඳවීම හා සම්න්ධීකරණය කිරීම
    • රැස්වීම් කැඳවීම, මෙහෙයවීම, රැස්වීම් වාර්තා සකස් කිරීම හා අදාල පාර්ශවයන්ට වාර්තා කිරීම.

අමතර සේවාවන්

  • වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම හා අමාත්‍යංශයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම.
  • දෙපාර්තමේන්තුවේ ආංශික කාර්ය භාරය සහ විෂය පථය සකස් කිරීම.
  • සියළුම ප්‍රගති වාර්තා සකස් කිරීම හා අමාත්‍යාංශ හා අදාල ආයතන වෙත වාර්තා කිරීම - සංවර්ධන වැඩසටහන් / විශේෂ ව්‍යාපෘති/විදේශාධාර ව්‍යාපෘති
  • කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රධාන වෙනත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් ආයතන මඟින් කලින් කලට ඉල්ලා සිටින තොරතුරු සකස් කර යැවිම.
  • ONUR ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.
  • කාර්ය මණ්ඩල රැස්වීම හා වාර්තා පිළියෙල කිරීම.
  • නියෝජ්‍ය / සහකාර කොමසාරිස්වරුන්ගේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම් සංවිධානය හා මෙහෙයවීම.
  • සම්පත් පැතිකඩ දත්ත තොරතුරු ලේඛනය සකස් කිරීම හා යාවත්කාලීන කර පවත්වා ගැනීම.
  • විගණන විමසුම් සඳහා පිළිතුරු හා විගණනයට අවශ්‍ය තොරතුරු සැපයීම.
  • දෙපාර්තමේන්තු දුරකථන නාමාවලිය සකස් කිරීම හා යාවත්කාලීන කර පවත්වා ගැනීම.
  • අමාත්‍යාංශ කාර්ය සාධන වාර්තාව සඳහා තොරතුරු ලබා දීම.
  • ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්තුමා විසින් පවරනු ලබන අනෙකුත් කාර්යයන් සිදු කිරීම.

dummy g

එල්. බී. බුද්ධිකා මිය
නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්)

+94 741 199 220
නම තනතුර දුරකතන අංක
කේ. එච්. සී. සී. කුමාරසිංහ මයා ප්‍රධාන කළමණාකරණ සේවා නිලධාරි +94