අරමු‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ණු

  • රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති වලට අනුකූලව කෘෂිකාර්මික ඉඩම් යෙදවීමට අදාල විධි විධාන සැලැස්වීම.
  • කෘෂිකාර්මික ඉඩම් හිමියන්, කෘෂිකාර්මික ඉඩම් හිමි ගොවීන් සහ භුක්තිකරුවන්ද / අඳ ගොවීන්ගේ වගා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන විධි විධාන ක්‍රියාත්මක කිරීම.
  • ගොවි සංවිධාන ලියාපදිංවි කිරීම සහ පවත්වාගෙන යාම සම්බන්ධ නියෝග සෑදීම සහ එම විධි විධාන ක්‍රියාත්මක වීම තහවුරු කිරීම.
  • ගොවිජන සංවර්ධන සභා ස්ථාපිත කිරීම සහ ඒවායේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා මඟ පෙන්වීම සහ අධීක්ෂණය.
  • දිවයින පුරා පවත්නා සෑම ගොවිජන සංවර්ධන සභා බල ප්‍රදේශයකම අදාලව කෘෂිකාර්මික ඉඩම් පිළිබඳ තොරතුරු ඇතුළත් කෘෂිකාර්මික ඉඩම් නාම ලේඛන පිළියෙල කර සංශෝධනය හා ප්‍රතිශෝධනය කර පවත්වාගෙන යාම.
  • කෘෂිකාර්මික ඉඩම් වලට අදාල අඳ ගොවි ගැටළු සහ වෙනත් ගොවි ආරවුල් විසඳීම සඳහා කටයුතු කිරීම.
  • සුළු වාරි කර්මාන්ත සහ ජල ප්‍රභවයන්ගේ ඵලදායීතාවය, ආරක්ෂාව, සංරක්ෂණය සහ කළමනාකරණයට අදාල වන විධි විධාන ක්‍රියාත්මක කිරීම.
  • ගොවිජන සංවර්ධන පනත හා රජයේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති උල්ලංඝණය කරමින් ක්‍රියාත්මක වන පාර්ශවයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම.
  • රජයේ කෘෂිකාර්මික හා කාලීන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී වෙනත් ආයතන වෙත අවශ්‍යවන්නා වූ ආයතනික, නෛතික, සහායක හා කළමනාකරණ සේවාවන් සැලසීම.

වගකීම්

  • ගොවි ජනතාවගේ කෘෂිකාර්මික අවශ්‍යතා සපුරාදීම මගින් ඔවුන්ගේ ආර්ථිකමය හා සමාජයීය පසුබිම ශක්තිමත් කිරීම අරමුණුකොට මැදිහත්රුවකුගේ භූමිකාව ඉටු කිරීම පිණිස සමස්ථ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන ජාලය මෙහෙයවීම.
  • ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ඉඩම් වලින් ප්‍රශස්ථ ඵලදායීතාවක් ලබා ගනිමින් ශ්‍රී ලාංකීය ගොවි ජනතාව තිරසාර සංවර්ධනයක් සඳහා රැගෙන යාම.
  • කෘෂිකාර්මික ඉඩම් වල ඵලදාව වැඩි කර ගැනීම අරමුණු කර ගනිමින් කෘෂි මාර්ග නොමැතිව පැවති ඉඩම් සඳහා කෘෂි මාර්ග සකස් කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දීම.
  • ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සැකසීමට ගොවිජන නීතිය, ඊට අදාල රීති සකස් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු අමාත්‍යාංශය වෙත ලබා දීම හා සහය වීම.
  • දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන සුළු වාරිමාර්ග, ගොඩනැගිලි, ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන, දිස්ත්‍රික් කාර්යාල ඉදිකිරීම හා අලුත්වැඩියාවන් පිලිබඳ ඇස්තමේන්තු අනුඥාත කිරීම.
  • වාර්ෂික විසර්ජන පනතින් බලය ලැබූ වියදම් කළමනාකරණය කිරීමට මුදල් රෙගුලාසි, අනපනත්, චක්‍රලේඛණ වලට අනුකූලව කටයුතු කරමින් දෛනිකව, මාසික හා වාර්ෂික ගිණුම් වාර්තා නිසි පරිදි පවත්වා ගැනීම.
  • ස්වශක්තියෙන් හෙබි අභිමානවත් ගොවිජන සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය කෙරෙන මූල්‍ය ශක්තිය එම සමාජය තුල ස්ථාපිත කිරීම සඳහා ගොවි ජනතාව සංවිධානය කිරීම, සවිබල ගැන්වීම, ආයතනික ව්‍යුහයන් සංවර්ධනය කිරීම සහ පහසුකම් සැලසීම.
  • සියලුම සුළු (ග්‍රාමීය) වාරිමාර්ග වල ඵලදායීතාවය ඉහල නැංවීම සහ ඒවා විධිමත් ලෙස කළමනාකරණය කිරීම මගින් එහි ආරක්ෂාව සහ සංරක්ෂණය තහවුරු කිරීමට අවශ්‍ය වැඩසටහන් පිලියෙල කොට ක්‍රියාත්මක කිරීම.
  • වර්ෂය සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අදාල ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම හා ඊට අදාලව දිස්ත්‍රික් මට්ටමින් මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම හා ප්‍රගති සමාලෝචන කටයුතු කිරීම.
  • දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන සියළුම සංවර්ධන වැඩසටහන් වල මාසික ප්‍රගති වාර්තා සකස් කිරීම, එම වාර්තා අමාත්‍යාංශය හා විගණන අංශය වෙත ඉදිරිපත් කිරීම හා වර්ෂයේ කාර්ය සාධන වාර්තාව සකස් කර අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීම.