“ශ්‍රී ලාංකීය ගොවිජන සමාජයේ සහ සියලු කෘෂිකාර්මික ඉඩම්වල තිරසාර සංවර්ධනය” යන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ දැක්ම ළගා කරගනු පිණිස ඵලදා වර්ධන හා අලෙවි අංශයට පැවරී ඇත්තේ විශේෂ කාර්යයභාරයක් වන අතර ඒ සඳහා 2011 අංක 46 දරණ ගොවිජන සංවර්ධන (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනතේ 28, 30(3), 32(1), 33 (1) සහ 34(1) වගන්ති ක්‍රියාවට නැංවීම මෙම අංශය මගින් ඉටු කරනු ලැබේ.

කුඹුරු ඉඩමක් වෙනත් කාර්යයක් සඳහා යෙදවීමට අවසර ලබා දීම, කුඹුරු ඉඩමක් නොවන කෘෂිකාර්මික ගොඩ ඉඩමක් බවට ප්‍රකාශයට පත් කිරීම, කෘෂිකාර්මික නොවන ගොඩ ඉඩමක් බවට ප්‍රකාශ කිරීම, කුඹුරු ඉඩම් නාමලේඛණයේ සටහන්ව ඇති කුඹුරු ඉඩමක් ඉන් ඉවත් කර කෘෂිකාර්මික ගොඩ ඉඩම් නාමලේඛණයට ඇතුලත් කිරීම, කුඹුරු ඉඩම් නාමලේඛණයේ සටහන්ව ඇති කුඹුරු ඉඩමක් ඉන් ඉවත් කිරීම පමණක් සිදු කිරීම, කුඹුරු ඉඩම් නාමලේඛණයේ සටහන්ව ඇති පරිසර වශයෙන් සංවේදී කලාපයක පිහිටා ඇති කුඹුරු ඉඩම් ආරක්ෂා කර ගැනීම සඳහා අදාල රාජ්‍ය ආයතන වෙත පැවරීම සහ කුඹුරු ඉඩම්වල ඇති ඛණිජ සම්පත් කැණීම් කටයුතු සඳහා අවසර ලබා දීමේ කාර්යයන් ඵලදා වර්ධන හා අලෙවි අංශයේ ප්‍රධාන කාර්යයන් වේ.

එමෙන්ම පුරන් කුඹුරුවල බහු වාර්ෂික නොවන බෝග අදාළ වගා කන්නය තුල පමණක් වගා කිරීම, බහුවාර්ෂික නොවන බෝග උපරීම එක ළඟ වසර 3ක කාලයක් තුල වගා කිරීම, බහුවාර්ෂික නොවන බෝග අඛණ්ඩව වගා කිරීම සඳහා හෝ කෘෂිකාර්මික වගාවන් හැර වෙනත් කෘෂිකාර්මික කාර්යයක් සඳහා යොදා ගැනීම සහ බහු වාර්ෂික (ස්ථිර) බෝග වගා කිරීම හෝ වන වගා සිදු කිරීම යන කාර්යයන් සඳහා අවසර ලබා දීමේ කටයුතු අධීක්ෂණය ද මෙම අංශය මගින් සිදු කරනු ලැබේ.

dummy gඩී.ඒ.අහංගංගොඩ මහතා
ගො. සං. සහකාර කොමසාරිස්
නිලධාරියාගේ නම තනතුර
ඩී.ඒ.අහංගංගොඩ මහතා සහකාර කොමසාරිස්
ඩී. එස්. ජේ. බාලසූරිය මෙනවිය  සහකාර කොමසාරිස්