මු.රෙ. 133, 134 ප්‍රකාරව සහ 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 38 (ඇ) හා 40 (1) උපවගන්ති අනුව මෙම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශයක් ක්‍රියාත්මක වන අතර ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්තුමා වෙත සෘජුවම වගකිවයුතු ආකාරයට එය ස්ථාපිත කර ඇත.

අභ්‍යන්තර විගණන අංශයේ විෂය පථයට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් කාර්යාල, ගොවිජන කාරක සභා, ගොවිජන බැංකු (නියමු) ව්‍යාපෘති, ගොවිසංවිධාන, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් වරයා විසින් පවරනු ලබන විශේෂ විමර්ශන හා ගොවිජන සංවර්ධන අරමුදල ආදිය ඇතුලත්වේ.

සේවාවන්

වාර්ෂිකව සකස් කරනු ලබන විගණන සැලැස්මකට අනුව මාසිකව සකස් කරනු ලබන විගණන වැඩ සටහන් සහ කොමසාරිස් ජනරාල්වරයා ලබා දෙන අනුමැතිය මත ඉහත විෂය පථය ආවරණය වන පරිදි පවතින කාර්ය මණ්ඩලය උපරිම කාර්යක්ෂම ලෙස යොදා ගනිමින් අභ්‍යන්තර විගණන කටයුතු සිදුකිරීම.

Jayarathne madam

ඩී.පී.එම්.පී. ජයරත්න මිය
ප්‍රධාන අභ්‍යන්තර විගණක

+94 718 186 998
+94 112 681 005