ශ්‍රී ලංකාවේ කෘෂීකාර්මික ඉඩම් වලින් ප්‍රශස්ත ඵලදායීතාවක් ලබාගනිමින් ශ්‍රී ලාංකීය ගොවි ජනතාව තිරසාර සංවර්ධනයක් කරා රැගෙන යාමේ ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තු දැක්ම මුදුන්පත් කරලීම සදහා පිහිටුවා ඇති අංශය නීති අංශයයි.
නීති අංශයේ මෙහෙවර ඉටුකරලීම සඳහා නීති අංශය තුල සේවය කරන නිලධාරීන් හා කනිෂ්ඨ සේවයේ නිලධාරීන් ප්‍රමාණාත්මක වශයෙන් පහත දක්වා ඇත.
සේවාවන්
- ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සැකසීමට ගොවිජන නීතිය, ඊට අදාළ පනතේ විධිවිධාන වලට නියෝග සකස් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු අමාත්‍යාංශය වෙත ලබාදීම හා ඒවා ක්‍රියාත්මක කිරීමට සහාය වීම.
- අඳ ගොවීන් හා ඉඩම් හිමියන් අතර ඇතිවන කෘෂිකාර්මික ආරවුල් විසඳීම සඳහා වන නෛතික මග පෙන්වීම.
- වගා අයිතිවාසිකම් ආරක්ෂා කර දීම.
- ග්‍රාමීය වාරි කර්මාන්ත ආරක්ෂා කිරීම හා වගා රීති ක්‍රියාත්මක කිරීමට අදාළ නීතිමය රැකවරණය සැලසීම.
- දෙපාර්තමේන්තු නිලධාරීන්, ගොවීන් හා ආයතන සඳහා නීතිමය උපදේශනය.
- ගොවීජන නීතිය බලගැන්වීම සඳහා අධිකරණමය කාර්යයන්හී නිරත වීම.
මාණ්ඩලික නිලධාරීන්
![]() ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් |
නම | තනතුර | දුරකතන අංකය |
එච්. එම්. එරංග අතපත්තු මයා | නියෝජ්‍ය කොමසාරිස් (නීති) | +94 718 579 733 |
ආර්.ජී. රංජිත් | සහකාර කොමසාරිස් (නීති) | +94 705 514 238 |
එල්. පී. ආර්. සී. විජේසිංහ මයා | නීති සහකාර | +94 723 767 887 |